
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ චූදිතයාට එරෙහිව 2022 මාර්තු 25 වැනිදා කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී විත්ති පාර්ශවය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් චූදිතයාව නිදහස් කිරීමට 2023 ජුලි 26 වැනිදා මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණා.
මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාවනාධිකරණය වෙත යොමු කර තිබෙනවා.
එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ සලකා බැලූ අභියාචනාධිකරණය, චූදිතයාව නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත්, මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබාදීමටත් 2024 දෙසැම්බර් 20 වැනිදා මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කර තිබුණා.

පෙත්සම්කරු වන අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති ඉෂිකා රණතුංග සමග සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම සහ වග උත්තරකරු වෙනුවෙන් නීතීඥ වාන් ගොඩකුඹුර සමග නීතීඥ ෂෝන් තිසේරා පෙනී සිට තිබෙනවා.







