අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, කෘතිම බුද්ධිය (AI) පිළිබඳ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක ලෙස ඉන්දියානු – අමෙරිකානු ව්‍යවසායකයෙකු සහ එරට ධනපති ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීරාම් ක්‍රිෂ්ණන් පත්කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, ක්‍රිෂ්ණන් රජය හරහා AI ප්‍රතිපත්තිය හැඩගස්වා සම්බන්ධීකරණය කරන බවයි.

ඔහුගේ කාර්යය “විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ ජනාධිපති උපදේශක සභාව සමඟ වැඩ කිරීම” ද ඇතුළත් බව ද ට්‍රම්ප් නිවේදනය කරනවා.

78 හැවිරිදි ට්‍රම්ප් පවසන්නේ, ඔහු ක්‍රිෂ්ණන්ගේ වෘත්තීය ජීවිතය ගැන සහ ඒ ඔස්සේ ඔහු ලබා ගෙන ඇති ජයග්‍රහණ ගැන සතුටට පත්වන බවයි.

මේ අතර අමෙරිකාවට සේවය කිරීමට සහ AI සමඟ සමීපව කටයුතු කිරීමට ඇමරිකානු නායකත්වය අඛණ්ඩව සහතික කිරීමට හැකිවීම ගෞරවයක් බවයි පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රීරාම් ක්‍රිෂ්ණන් පවසා ඇත්තේ.

ශ්‍රීරාම් ක්‍රිෂ්ණන් චෙන්නායිහි උපත ලැබූ අතර, ඔහු තමිල්නාඩුවේ කන්චිපුරම් හි කාත්තන්කුලතූර් හි SRM ඉංජිනේරු විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ පිළිබඳ BTech සම්පූර්ණ කළ අයෙක්.

ඔහු වයස අවුරුදු 21 දී 2005 දී එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර ඔහුගේ පියා රක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කළ අයෙක් මෙන්ම ඔහුගේ මව ගෘහණියක්.

source :- https://tinyurl.com/5pts3yjf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here