ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින ආර්ථික ඝාතකයින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර ගත යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් සංජීව ධම්මික කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, සියයට 30ත් 35ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බවයි.

මේ අතර, සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත්ව පවතින බව එම මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් උමේධ සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/2spvvvsd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here