වෙළදපොළේ පවතින සහල් හිගය මගහරවා ගැනීමට සහ මිල ඉහළ යාම පාලනය කිරිම සදහා තමන් සතුව විසදුම් ඇති බව පොළොන්නරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල්මෝල් හිමියන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා අවස්ථාව ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

පොළොන්නරුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔවුන් මේ බව සදහන් කළා.

එමෙන්ම උත්සව සමය ආරම්භ වීමත් සමග රට තුළ සහල් පරිභෝජනය ඉහළ යමින් පවතින පසුබිමක වෙළදපළේ සහල් තොග තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සොයාබැලීමක් කළා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ සහල් වර්ග කිහිපයක හිගයක් තවදුරටත් පවතින බවයි.

රජය ආනයනය කරන සහල් මෙටි්‍රික් ටොන් 5,200 ක ප්‍රමාණය ද ලබන අගහරුවාදා මෙරටට ළඟාවීමට නියමිතයි.

මෙවැනි පසුබිමක ඇතැම් ප්‍රදේශවල සහල් මෝල් හිමියන් තවමත් වී තොග සගවා සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් චෝදනා කළා.

source :- https://tinyurl.com/3zndnpmc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here