රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ මස 31 වන දින විශ්‍රාම යාමට නියමිත වෛද්‍යවරුන් ද ඊට ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවුණා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මින් පෙර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් ලෙස පැවතියත් එය පසුව වයස අවුරුදු 60 දක්වා පහළ දැමුවා.

ඒ හේතුවෙන් මෙම කරුණ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද පැවතුණා.

එම ගැසට් නිවේදනය මෙතැනින්

source :- https://tinyurl.com/9uvraxjn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here