ඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකි වීම බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර, අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවත් වාර්තා කරනවා.

නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/3367v2t5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here