
පේරාදෙණිය – දොඩම්වල පහල, මුරුතලාව ප්‍රදේශයේදී ඊයේ (18) උදෑසන කාලයේ දී ළිඳකට වැටී කාන්තාවක් මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 74ක් වූ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මරණකාරිය සිහි මද බවින් පසුවන කාන්තාවක්වන අතර, සිය මව නිවසේ නොසිටීම හේතුවෙන් ඇයගේ දියණිය විසින් සිදු කරන ලද සොයා බැලීමේදී නිවස ආසන්නයේ ඇති ළිඳකට වැටී සිටිනු දැක ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදී ඇති අතර, පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/y637by37







