චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පැය 9ක් පුරා සිදු කළ පළමු ක්‍රියාකාරකම ඊයේ (17) රාත්‍රීයේ සාර්ථකව නිම කළ බව දැනුම් දී තිබෙනවා.

එය චීන ගගනගාමීන් අභ්‍යවකාශ යානයෙන් පිටත සිදු කළ ක්‍රියාකාරකම්වල කාල සීමාව පිළිබඳ නව වාර්තාවක් ද සනිටුහන් කිරීමක්.

Cai Xuzhe, Song Lingdong,Wang Haoze යන ගගනගාමීන්, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යාන්ත්‍රික දෑත් ආධාරයෙන් හා පෘථිවියේ තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතිව අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුන්බුන්වලින් ආරක්ෂා කරන උපකරණ සවි කිරීම, මොඩියුලයෙන් බැහැර ව ඇති උපකරණ පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් මෙහිදී අවසන් කර තිබෙනවා.

එමෙන්ම Shenzhou 19 ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත තවත් ක්‍රියාකාරකම් හා විද්‍යාත්මක පරීක්ෂණ මෙන්ම තාක්ෂණික අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

source :- https://tinyurl.com/2mdhyuf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here