කාන්තාවකට මිරිස් කුඩු ගසා ඇගේ ගෙල බැඳී රුපියල් 300,000කට අධික වටිනා රන්මාලයක් කොල්ලකෑ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්.

මෙම කාන්තාව පසුගිය (16) වැනිදා රාත්‍රියේ සිය නිවසේ වැසිකිලියට ගොස් තිබෙනවා.

එහි සිටියදී සැකකරුවන් ඇය වෙත මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර රන්මාලය කොල්ලකා පලා ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා ඊයේ (17) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් සමග රන්මාලයේ කොටසක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

source :- https://tinyurl.com/y7azm84b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here