වර්ෂාව යළි ආරම්භ වීමත් සමගම යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව අද (17) උදෑසන වන විට ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යව මේවන විට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ ආකාරයට රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ දින තුනක් වැනි කෙටි කාලයකදීයි.

මේවන විට මී උණ හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී රෝගීන් 7 දෙනෙකු සහ මුලතිව් රෝහලේදී එක් රෝගියෙකු මිය ගියා.

යාපනයේ මී උණ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගොවීන්ට සහ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවල සේවය කරන සනීපාරක්ෂක සේවකයන්ට ද ප්‍රතිජීවක ඖෂධ ලබා දී තිබෙනවා.

source :- https://tinyurl.com/4pxna52m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here