
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියකුගෙන් ජල බිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 05 ක මුදලක් අයකිරීම නිසා ඉකුත් වසර 2021,2022.2023 යන කාලය තුල ජල බිල්පත් ලෙස රුපියල් නවකෝටි විසිතුන්ලක්ෂ අනූ අටදහස් පන්සිය තිස්දෙකක (92,398,532 ) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වෙනවා.
රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජල බිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බවයි එම විගණන වාර්තාවේ සඳහන්.
එහිදී මෙම නිවාසවල නිසි පරිදි ජල මිටර් සවිකර වියදම් කළමනාකරණය කළ යුතු බවයි විගණනය මගින් නිර්දේශ කොට තිබෙන්නේ.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ නිල නිවාස 546 න් 509 ක් සඳහා නව ජල මීටර් සවිකර ඇති බවයි.
source :- https://tinyurl.com/32tvf68n







