ඉන්දීය සම්මානනීය තබ්ලා වාදක සකීර් හුසේන් මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

1951 මාර්තු 9 වන දින උපත ලැබූ ඔහු ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රාඛාගේ පුත්‍රයායි.

අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝහි රෝහලකදී මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කර ඇත්තේ.

මේ වසර මුලදී 66 වන ග්‍රැමී සම්මාන උළෙලේදී සම්මාන තුනක් ද ඇතුළුව ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ග්‍රැමී සම්මාන හතරක් ලබා තිබෙනවා.

එමෙන්ම ඔහුට 1988 දී පද්ම ශ්‍රී, 2002 දී පද්ම භූෂණ සහ 2023 දී පද්ම විභූෂණ සම්මාන හිමිව තිබෙනවා.

source :- https://tinyurl.com/yzycuds7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here