
ඉන්දීය සුපිටි නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙනවා.
Housefull 5 චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඔහු මෙම අනතුරට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අනතුරින් ඔහුගේ ඇසට තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

වෛද්‍යවරයෙකු වහාම එම ස්ථානයට පැමිණ ඇති අතර, ඇසට වෙළුම් පටියක් දමා ඔහුට විවේකයක් ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.
අනෙක් නළු නිළියන් සමඟ රූගත කිරීම් නැවත ආරම්භකර තිබෙනවා.
කෙසේ වෙතත් චිත්‍රපටයේ රූගතකිරීම් අවසාන අධියරේ පවතින හෙයින් හැකි විගසින් නැවතත් රූගත කිරීම් සඳහා සහභාගීවෙන බවයි ඔහු පවසා සිටියේ.
source :- https://tinyurl.com/2shdzeaj








