
ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, පැවති වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර තිබෙනවා.

එමෙන්ම, අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව සදහන්.
source :- https://tinyurl.com/2r9am49r







