
ලබන වසරේ මැයි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මකවන ශ්‍රීපාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කෙරුණා.
ඒ අනුව, ශ්‍රී පාද මළුව, ගමන් මග ඇතුළු පරිශ්‍රයෙහි තාවකාලික නවාතැන් සැකසීම සහ පවත්වාගෙන යෑම, ගොඩනැගිලි ඉදිකිරීම, හිඟමන් යැදීම සහ ලබාදීම තහනම් වෙනවා.
තවද, පොලිතින් බැහැර කිරීම, සංචාරක වෙළඳාම සහ මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම තහනම් බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම උඳුවප් පොහොය යෙදෙන අද (14) දින සිට ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙනවා.
source :- https://tinyurl.com/mvvhe8xb







