ආහාර සුරක්ෂිතතාව, වෛද්‍ය විද්‍යා පර්යේෂණ,ක්‍රීඩා සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුලු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පූර්ණ සහය මෙරටට ලබා දෙන බව එරට මහ කොමසාරිස් ඩේව්ඩ් පයින් ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දා හමුවෙමින්.

ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත ආයෝජන සදහා පවතින අවස්ථා මෙන්ම වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බව නවසීලන්ත මහ කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/2sx4d8az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here