රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා පවතින බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව, සිදු කළ විමර්ශනයට අනුව එලෙස ගෙන්වූ වාහන භාරයට ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එම මෝටර් රථ රේගු බදු සහ වෙනත් ගාස්තු අය කර ගැනීමට රේගු දෙපාර්තමේන්තු භාරයට පත් කරන බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.

ආනයනය කරන ලද වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කිරීම සදහා රේගු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ද්වාරයක් ද පසුගිය දා හදුන්වා දුන් අතර මේ හරහා නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු මෝටර් රථයක් මිලදී ගැනීමට පෙර එය නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කර ගත හැකි බවයි අල්ලස් කොමිසම සදහන් කළේ.

මේ අතර, රුපියල් 6,000ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවකයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වීරවිල – පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ විදේශ ගමන් බලපත්‍රය සකස් කර දීම සදහා මොහු එම මුදල ඉල්ලා ඇති බව සදහන්.

source :- https://tinyurl.com/zf42zy2e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here