
දුම්වැටි අලෙවිය පහත වැටීම හේතුවෙන් මෙම වර්ෂයේ මුල් මාස අට තුළ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 10.8%ක් දවා පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එම ආදායම රුපියල් බිලියන 71.6ක් බවයි පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්.
මෙම වර්ෂයේ ජනවාරි මස පළමුවැනිදා සිට සියලුම දුම්වැටි සඳහා අදාළ නිෂ්පාදන බද්ද 14%කින් ඉහළ දැමුවද, දුම්වැටිවල අලෙවිය මිලියන 1,228ක් දක්වා 21.8%කින් පහළ වැටී තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය වර්ෂයේ මුල් මාස තුළදී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.3ක්.
source :- https://tinyurl.com/3z9hu3dr







