
කතානායක අසෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවෙන් පසු ජාතික ජන බලවේගය නියෝජනය කරන මැතිඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව ඒ සඳහා වෙන යෝජනාව ඉදිරියේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මෙම සූදානම සැලවීමෙන් පසුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගෙන් ඊට කෙසේ මුහුණ දෙන්නේද යන්න විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ එය එතරම් ගැටලුවක් නොවන බවත් ඒ හරහා මතුව ඇති තත්ත්වයන්ට පිළිතුරක් ලැබෙන්නේ නම් එසේ කිරීමෙන් ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි.
source :- https://tinyurl.com/4techjr3








