වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස හැඳින්වෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතිනවා.

පැයට උල්කාපාත 120ක් පමණ දිස්වෙන මෙම උකාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව හෙට (14) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව රාත්‍රී 9න් පසුව උතුරු සහ නැගෙනහිර අහසේ ‍දර්ශනය වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/msz2u6ps

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here