
යාපනය දිස්ත්‍රික්කයේ පැතිරෙමින් යන උණ රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා අදත් වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්වල නිරීක්ෂණයකට පිටත්ව ගොස් තිබෙනවා.
මෙහිදී පේදුරුතුඩුව, යාපනය, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි යන ප්‍රදේශවල රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ සදහන් කළේ.
එසේම මේ වන විට උණ වෛරසයට ගොදුරු වූ රෝගීන් 70 දෙනෙකු යාපනයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවද ඔහු සදහන් කළා.

මේ වන විට උණ රෝගී තත්වය හේතුවෙන් උතුරු පළාතේ 07 දෙනෙකු මියගොස් තිබෙනවා.
අදාළ මියගිය පුද්ගලයින්ගේ සාම්පල කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණු අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී මේ අනාවරණය වුණේ, සාම්පල කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවටයි. එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 20-62 අතර වයස්වල පසුවූ පේදුරුතුඩුව,කරවෙඩ්ඩි, චාවකච්චේරිය සහ මුලතිව් යන ප්‍රද පදිංචිකරුවන් පිරිසක්.
source :- https://tinyurl.com/5wkcndcr







