
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර තිබෙනවා.
ශ්‍රි ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසර් අල් අමේරී මෙම එකඟතාව පලකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අද පැවති සාකච්ඡාවකදීයි.
දැනට ලාංකිකයින් 150,000ක් පමණ එරට රැකියාවල නිරත වන අතර එම ප්‍රමාණය වැඩිකිරීමට හැකි අවස්ථාවන් පිළිබදව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන ලෙසට සිදුකළ ආරාධනය ද ජනාධිපතිවරයා එහිදී පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
source :- https://tinyurl.com/45mfzu52








