
කථානායක අශෝක රංවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසුවේ කථානායකවරයා වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් පෙන්වා ජනාතාව මුලාවට පත් කර ඇත්නම් තම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවයි.

එමෙන්ම මෙය සමස්ත රටටම ඉතාම හානිදායක තත්ත්වයක් බවත් ඔහු පවසා සිටියා.
ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් මේ සඳහා සමස්ත විපක්ෂය මෙන්ම ආණ්ඩුවේ පිරිස්ද දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා සඳහන් කළා.
source :- https://tinyurl.com/5n7asr89








