ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු පැහැදිලි කර තිබෙනවා.

එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රටට කිසිදු බලපෑමක් නොමැති බවයි ඔහු පවසන්නේ.

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළා.

“තෙල් නැවක් හරවලා යවපු එකක් වෙලා නෑ. යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ගිය 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා. ඒකේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත් තිබුණා. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහින් තිබෙනවා. ඇත්තටම ඒකෙන් රටට කිසි බලපෑමක් වෙන්නේ නෑ. මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නොවන් නිසා. පසුගිය කාළේ සමාගම් 03ක් ලංකාවේ තෙල් වෙළෙඳාමට අවතීර්ණ වුණා. එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළුවක් මත ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහින් තිබෙනවා. නමුත් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා. ලබන වසරේ අප්‍රේල් මස දක්වා අපි තෙල් ඇනවුම් කරලා තිබෙනවා.” යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසුවා.

source :- https://tinyurl.com/y4b3zybm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here