
සිය හමුදා ශක්තියේ නිර්භීත ප්‍රදර්ශනයක් ලෙස, චීනය ජපානයේ දකුණේ දූපත්වල සිට දකුණු චීන මුහුද දක්වා විහිදෙන මුහුදේ ආසන්න වශයෙන් නාවික සහ වෙරළාරක්ෂක යාත්‍රා 90ක් යොදවා ඇතැයි තායිවානය චෝදනා කරනවා.
මෙම දැවැන්ත යෙදවීම දශක තුනකට ආසන්න කාලයක් තුළ සිදු වූ විශාලතම යෙදවීම බව තායිවාන ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවද, තායිවාන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පියවර ‘යුද අභ්‍යාසයක් ලෙස පෙනෙන’ බවයි.

කෙසේ වෙතත් චීනය තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් හෝ යුධ අභ්‍යාසයක් පවත්වන බව තහවුරු කර නැහැ.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තායිවාන ආරක්ෂක නිලධාරීන් පවසා තිබුණේ, “චීනයේ මෙහෙයුම තායිපේ ඉලක්ක කර ගැනීම පමණක් නොව ජපානය සහ පිලිපීනය ඇතුළු කලාපීය රටවල් දිවයිනේ ආරක්ෂාවට පැමිණීම වැළැක්වීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගත්” බවයි.
මීට පෙර මෙම වසරේදී චීනය සිදු කළ යුද අභ්‍යාස හතරට සාපේක්ෂව මෙම යුද අභ්‍යාසයේ පරිමාණය විශාල බව කිව හැකියි” තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Sun Li-fang පවසා තිබුණා.
source :- https://tinyurl.com/3yf7tyr7








