රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ රුසියානු සංචාරයට සමගාමීව මොස්කව් නුවරදීයි.

ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවූයේ හමුදා සහ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඉන්දියා-රුසියාවේ අන්තර්-රාජ්‍ය කොමිසමේ (IRIGC-M&MTC) 21 වැනි සැසියේදීයි බවයි රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ‍රටවල් දෙක අතර හවුල්කාරිත්වයේ නව මාවත් ගවේෂණය කිරීම පිළිබඳව ඉහළ මට්ටමේ සාකච්ඡාවල දී අවධානය යොමුවී ඇතැයි සඳහන්.

source :- https://tinyurl.com/5bcybwk6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here