සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට දැනුම් දී තිබෙනවා.

රු 11,024,310,500.00 (එකොලොස් බිලියන විසි හතර මිලියන තුන්සිය දස දහස් පන්සියය) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,707,311 (දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක්) වන අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි බවයි වාර්තා වන්නේ.

සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 13 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සඳහන්.

source :- https://tinyurl.com/3u5xkx2b
No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here