හලාවත, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ දී ඊයේ (09) දහවල් සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරු පැදියක් කොළබ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 18 හැවිරිදි තරුනයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තරුණයා වට්ටක්කල්ලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසිය විසින් සිදුකරනු ලබනවා

source :- https://tinyurl.com/f9rc46jx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here