අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පැමිණිල්ලක් විභාග කර මුදල් වෙනුවට සැකකරුට අයත් මෝටර් රථයක් සහ මැණික් තොගයක් බලෙන් ලබා ගෙන පැමිණිලිකරුට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා පසුගියදා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කිරීමටද පියවර ගෙන තිබුණා.

source :- https://tinyurl.com/2b6km6zt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here