දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යොල්ට, කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ, පසුගිය 03 වැනිදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනයට ලක්වෙමින් පැවතීම හේතුවෙන්.
එමෙන්ම, පසුගියදා ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂ 06ක් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය අසාර්ථක වු නමුත් තවමත් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට පවසමින් ජනතාව විරෝධතාවල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/2tjp8rw8








