
2012 නොවැම්බර් මස 19 වැනි දා සිට ගාල්ල කරාපිටිය මහ රෝහලේ ආරම්භ කරන ලද වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් මෙවර 150වන වරටත් සාර්ථකව සිදුකර තිබෙනවා.
මෙම සැත්කම විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරිගේ මඟපෙන්වීම යටතේ සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
53 හැවිරිදි වැඩිමහල් සහෝදරියෙකුගේ වකුගඩුව, 52 හැවිරිදි සහෝදරයාට පරිත්‍යාග කරනු ලැබූ අතර, මෙම සහෝදරයන් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ප්‍රතිකාර කටයුතු පැය හයක පමණ කාලයක් ගත්ව තිබෙනවා.
මෙම විශේෂඥ ඒකකය තුළ වකුගඩු හා නහර බද්ධ කිරීම, රිය අනතුරු පීඩාවට ලක්වන රෝගීන්ට අවශ්‍ය අවයව පුනරුත්ථාපන සහාය ඇතුළු විශාල පරාසයක ප්‍රතිකාර සේවාවන් සපයනු ලබනවා.
source :- https://tinyurl.com/44ctdssx







