පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වෙන්නේ පොලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් ඇති බවයි.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම උපකරණ පොලිස් භාරයට ගැනීම, ඇතැම් අවස්ථාවලදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කළද එසේ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

යම් වරදක් වීඩියෝගත කරන අවස්ථාවේදී එම සංස්කරණය නොකළ දර්ශන වීඩියෝ රෙකෝඩනය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වෙනි වහන්තියට ඇතුළත් අතර එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයටද ප්‍රයෝජන ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

source :- https://tinyurl.com/9euaefp4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here