කැනඩාවේ Walmart වෙළඳසැලක ඇති බේකරියක වූ උඳුනක් තුළ දී ඉන්දියානු සම්භවයක් ඇති තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ Gursimran Kaur නම් වයස අවුරුදු 19ක් වන තරුණියක්.

ඇයගේ මළසිරුර උඳුන තුළ පිලිස්සී තිබිය දී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තරුණියව කවරෙකු හෝ උඳුන තුළට තල්ලු කරන්නට ඇති බවයි එම බේකරි අංශයේ වැඩ කරන තවත් සේවිකාවක සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන පොලිසිය සඳහන් කරන්නේ මෙම මරණයට නිශ්චිත හේතුවක් සහ එය සිදු වූ ආකාරයක් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි.

source :- https://tinyurl.com/ca2yhjh2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here