සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ”හරක්කටා”ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගොලයාවන ”ආමි චූටි” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ධම්මික සමන් කුමාර (41) නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් කෝටි විස්සකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් හා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමගයි.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, 10 කණුව හංදිය මාර්ග සංඥා කුළුණ අසල මාර්ගයේදීයි මෙම වැටලීමක් සිදුකර තිබෙන්නේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි ඔහු, හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17ක්, ලොරි රථයක් හා යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

source :- https://tinyurl.com/yek298xe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here