
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසනවා.
අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක් තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නොමැති බවද සඳහන්.

අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
නිවසේ හිමිකරුට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී ඇති බවද වාර්තා වනවා.
source :- https://tinyurl.com/3nxjeyry







