මත්පැන් සාදයක් අතරතුර පුද්ගලයෙක් සැකකටයුතු ලෙසින් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

නාච්චාදූව, මඩවලගම, අතුරුවැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී මේ මරණය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ නාච්චදුව අතුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි ටිකිරි බණ්ඩාගේ විජේකෝන් බණ්ඩාර (68) නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත්ව ඇත්තේ නාච්චාදූව, අතුරුවැල්ල සහ අනුරාධපුර ගල්කුලම පදිංචි වයස අවුරුදු 30ත් 34ත්, අතර වයසේ පසුවන පුද්ගලයන්.

ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/5dvcpdd5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here