කොලොන්නාව නිමාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ කිහිප තැනක ම ඉන්ධන වහනයක් සිදුවෙමින් පවතිනවා.

නිමාව තෙල් සංස්ථාවේ නිළධාරීන් අද (30) උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාව සිදු කළා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම නළය මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බවයි.

ඊට අමතරව මෙම ඉන්ධන නලය ආශ්‍රිතව වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බවයි.

කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන JET A1 නමැති ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළය හානි වීමෙන් තෙල් කාන්දුව සිදු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ වන විට තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් හරහා ඉන්ධන ඉවත් කරමින් පවතින අතර සංස්ථා නිලධාරීන් විසින් නළයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදුකෙරෙන බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/ubrk7bcb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here