දිවයිනේ සියලු‍ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මෙය නිකුත් කර ඇත්තේ පසුගිය 25වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගුවන පරිදියි.

සියලු‍ අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මේ අනුව තහනම් වනු ඇති.

source :- https://tinyurl.com/ermcmeze

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here