දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත්කර තිබෙනවා.

අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද උදෑසන පයාගල දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වුණා.

source :- https://tinyurl.com/37jpxu44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here