
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තවත් 58 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් වෙත මෙම ප්‍රහාරය එල්ලකර තිබු අතර තවමත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කළා.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
source :- https://tinyurl.com/7xeymxzj








