මෙරට ශ්‍රම බලකායේ ඉහළයාමත් සමග සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බලකාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIM) වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 (Annual Research Symposium – 2024) පසුගියදා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පැවැති අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ 2030 වසර වන විට මෙරට ශ්‍රම බලකාය අවම වශයෙන් සියයට 30 කින් පමණ වැඩි වනු ඇති බවත්, එබැවින් අවම වශයෙන් තවත් වසර 10 කින් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය 200,000 කට ආසන්න හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බවයි. ‍‍

එමෙන්ම සෞඛ්‍ය සේවාවේ තිරසරභාවය, සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සමග සෘජුව බැදී ඇති බවත්, බෝවන සහ බෝනොවන රෝග පාලනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම, වැඩිහිටි ජනගහනයේ සෞඛ්‍ය ආරක්ෂණය වැනි සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට අඛණ්ඩ පුහුණු වැඩසටහන් දියත් කරමින් කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ තිරසාර ශ්‍රම බලකායක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් වන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/bjh45r5n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here