ඉලවාලි, සෙන්දන්කුලම් ප්‍රදේශයේ පොලිසියට ලද තොරතුරක් මත නීති විරෝධි ලෙස මුහුදු කැස්බෑවන් 03 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඉලවාලි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (28) දින පෙරවරුවේ මෙම වැටළිම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන ඉලවාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/mr33tcfj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here