කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන් කරමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් රියැදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මාර්ගයෙන් ඉවතට ගොස් ඉදිරියෙන් තිබූ පාලමේ ආරක්ෂිත වැටෙහි ගැටී පහළ ප්‍රදේශයේ පිහිටි ඇළට ඊයේ (28) රාත්‍රියේදී පෙරලී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එම රථයෙහි පුද්ගලයින් තිදෙනෙකු ගමන් කරමින් සිට තිබුණා.

ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූවන් වහාම මුදවාගෙන දංකොටුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම එම මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් කරමින් සිටි එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බවටයි වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/2u54r8ja

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here