
කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් අද (29) අලුයම 02ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලී ඇති බව හැටන් පොලිසිය සඳහන් කරනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්රදේශයේදීයි.
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වා අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පවතින බවත්, මෝටර් රථයේ රියදුරුට මාර්ගය නිසිලෙස දිස් නොවීමෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවත්, හැටන් පොලිසිය සඳහන් කරනවා.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් කිසිවෙකුට තුවාලයක් සිදු වි නොමැති වුවත් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, සඳහන්.
අනතුර පිළිබඳව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පරික්ෂණ පවත්වයි.
source :- https://tinyurl.com/4fzujrw8







