සමාජයේ සිදු වීමක් සාමාන්‍ය ජනතාවට විඩියෝ කිරීමට තහනමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

ඔහු මේ බව පැවසුව් අද (29) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සහ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ වාහන අනතුරට ලක් වීමේදී විඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින්.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ යම් සිද්ධිය වු විට එය විඩියෝ ගත කිරීමට අවස්ථාව ඇති බවත් නමුත් යම් පුද්ගලයෙකු එය තමාට අගතියක් සිදු වේයැයි පවසා එයට විරුද්ධ වුවහොත් විඩියෝ ගත කළ නොහැකි බවයි.

එමෙන්ම නිවස සවි කර ඇති සීසීටිවි කැමරා පවා අනෙක් නිවස පෙනෙන සේ සවි කිරිමට අවසර නොමැති බව ඔහු මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ආරක්ෂ නිලධාරින්ගේ වාහනය අනතුරේදී එහි දුරකතනයෙන් කැමරා සිදු කල පුද්ගලයා විසින් විඩියෝ ගත කිරිමට අවසර ඇති බව පවසමින් බලහත්කාරයෙන් විඩියෝ ගත කිරීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

source :- https://tinyurl.com/29brzh32

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here