2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය පළ කරමින් කිසිදු දැනුම්දීමකින් තොරව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 25 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

එම නඩුවේ සාක්ෂි කැඳවීම අද දිනට යෙදි තිබුණා.

කෙසේ නමුත් විමල් වීරවංශ හට උණ රෝගය වැලඳී ඇති බැවින් අධිකරණයේ පෙනි නොසිටින ලෙස වෛද්‍ය උපදෙස් ලබා දී ඇති බව ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විසින් අධිකරණයට අද (28) දැනුම් දුන්නා.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිට සාක්ෂි ලබා දීමට පැමිණි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොවැම්බර් 25 වනදා යළි පෙනි සිටින දන්වා තිබෙනවා.

එම නඩුව සෙසු සැකකරුවන් පස්දෙනා වන්නේ ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය වේ.

source :- https://tinyurl.com/2s49uvve

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here