රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත අද (28) භාරදීමට නියමිතයි.

පසුගිය දෙදින තුළ මෙරට ප්‍රධානපෙළේ සහල් මෝල් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල ගබඩාවල පවතින වී තොග පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා.

ඒ යටතේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් ආයතනය ඇතුළු තවත් සහල් මෝල් කිහිපයක් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබුණා.

ප්‍රධාන පෙළේ සහල් මෝල්වල වී තොඟ පරීක්ෂා කිරීම් සිදුකළේ වෙළදපොළේ සහල් හිඟයක් සහ මිල ඉහළ ගොස් ඇති පසුබිමකයි.

source :- https://tinyurl.com/ypwk7a47

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here