මෙරටින් ප්‍රථමවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන් එම ඌරුන් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ රෝගී තත්ත්වය අප්‍රිකානු සූකර උණ රෝගය බවට තහවුරු වී ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සදහන් කළේ.

පසුගිය කාල සීමාවේදී ගම්පහ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.

ඒ අනුවයි පරීක්ෂණවලින් අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, රෝගය සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා මස්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියද අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම, අප්‍රිකානු සූකර උණ රෝගී ලක්ෂණ කිසියම් ඌරන් ඇති කරන ගොවිපොලක පෙන්නුම් කරන්නේ නම් එම ස්ථානවලට මුද්‍රා තැබීම සදහා අධිකරණ නියෝග ලබාගන්නා ලෙසයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

source :- https://tinyurl.com/jvdt7v8a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here