විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ (27) විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ නාමීනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙක්.

මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර ඇති අතර, දෛනිකව සවස 06 සිට විදුලිය සපයා පසුදින උදෑසන 06ට එය විසන්ධි කරනු ලබන බවටයි විල්ගමුව පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර, මරණයට පත් වූ දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/mpuya5pr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here