පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) දින පස්වරුවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම වැටළිම සිදු කරන අවස්ථාවේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය වන වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 75 ක්, ජෙලටනයිට් කූරූ 90 ක්, ඩෙටනේටර් කුරූ 300 ක් හා සේවා නූල් 05 ක් සමඟ සැකකරුවන් සන්තකයේ තිබු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/4pjvf75j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here